fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තිය සිදුරුකරන් මහාබාගේ තැපැල් කාර්යාලයට හොරෙක් රිංගයි

    බිත්තිය සිදුරුකරන් මහාබාගේ තැපැල් කාර්යාලයට හොරෙක් රිංගයි

    වත්තල මහබාගේ පිහිටි තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලෙහි බිත්තිය සිදුරුකර ඒ තුළින් තැපැල් කාර්යාලයට රිංගූ සොරෙක් එහි ඇති සේප්පුව බිඳ රුපියල් 70,000ක පමණ මුදලක් සොරා ගෙන ගොස් ඇතැයි මහබාගේ පොලීසිය සඳහන් කළේය.

    තැපැල් කාර්යාලයේ පිටුපස කොටසේ බිත්තිය උල් ආයුධයකින් සිදුරුකර මෙසේ තැපැල් කාර්යාලයට සොරුන් ඇතුළු වී ඇති බව පොලීසිය කියයි.

    මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 04 වෙනිදා සවස 4.00ත් පෙරේදා (07) උදෑසන 8.00 තැපැල් කාර්යාලය තුළ දී බව පොලීසිය කියයි. මේ කාලය තුළ තැපැල් කාර්යාලය තිබී ඇත්තේ වසා දමාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.