විකිරණ තාක්ෂණවේදී සහ ප්‍රතිකාර නිලධාරී පත්වීම් කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලමින් රෝහල් කිහිපයක රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු මේ මස 29 වැනි දින පැය හතරක කාලයක් සේවයෙන් බැහැරවීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.
මහරගම අපේක්ෂා රෝහල, කොළඹ ජාතික රෝහල සහ කලුබෝවිල රෝහල යන රෝහල්වල සේවය කරන විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් එම වෘත්තිය සමිති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
දිවයින පුරා රෝහල්වලට විකිරණ තාක්ෂණවේදීන් 1450 දෙනකු අවශ්‍ය වුවත් මේ වන විට සේවය කරනුයේ 680කට ආසන්න පිරිසක් බවද එම සංගමය කියයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සහ ශ්‍රී ලංකා විකිරණ තාක්ෂණ විද්‍යාලයෙන් උපාධි හා ඩිප්ලෝමා ලබා සිටින සියලුම නිලධාරීන්ට කඩිනමින් පත්වීම් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද එම සංගමය කියයි.