fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලක්ෂ 27ක් සුළගේ ගිය වැරදුණු කොල්ලය (📹)

    ලක්ෂ 27ක් සුළගේ ගිය වැරදුණු කොල්ලය (📹)

    කොල්ලුපිටිය සාගර පාරේ පිහිටි ප්‍රධාන පෙලේ කැෂිනෝ මධ්‍යස්ථානයක ගිණුම් අංශයේ ලිපිකාරිනියක් පසුගිය 10 වෙනිදා සවස රුපියල් ලක්ෂ 27ක් රැගෙන ආරක්ෂක නිලධාරියෙක් සමඟ පාගමනින් ගමන් ගත්තේ ඒ ආසන්නයේම පිහිටි වෙනත් කාර්යාලයකට එම මුදල් භාරදීමටය.

    කැෂිනෝ ශාලාව ආසන්නයේ ඇති අතුරු මාර්ගයක් ඔස්සේ ඔවුන් දෙදෙනා ගමන් කරන්නට විය.

    මුදල් පිරවූ බෑගය තිබුණේ ආරක්ෂක නිලදාරියා අතය.

    එම මාර්ගයේ එක් ස්ථානයක යතුරු පැදියක් නතරකර තිබුණේය. එහි දෙනෙක් සිටිනු දක්නට ලැබුනේය. ඒ අය අතර සිටි එක් අයෙක් එකවරම පාරට පැන ඔහු අත වූ මිරිස් කුඩු පාර්සලයකින් මුදල් බෑගය අත වූ ආරක්ෂක නිලධාරියාගේ මුහුණට එල්ලකරන්නේ මුදල් බෑගය කොල්ලකන්නටය.

    එවිට ආරක්ෂක නිලධාරියා එම මුදල් බෑගයෙන්ම තමාට මිරිස් කුඩු ප්‍රහාරය එල්ලකල පුද්ගලයාට බැර යොදා පහරක් එල්ල කළේය. ඒ පහර කොතරම් සැරට වැදුණේ දැයි කීවොත් බෑගයේ තිබුණු මුදල්ද අහසේ ඉගිලෙන්නට වූයේ බෑගයද පිපිරී යමිනි.

    මුදල් නෝට්ටු අහසේ පැවෙමින් බිම පතිත වන විට තව දුරටත් එහි රැදී නොසිටි කොල්ලකරුවන් දෙදෙනා යතුරු පැදියෙන් පළායන්නට වූයේ විදුලි වේගයෙනි.

    මේ ගැන පරීක්ෂණ පවත්වන කොල්ලුපිටිය පොලීසිය නම් සැකකරන්නේ මෙම කොල්ලය ඇතුලේම වැඩක් විය හැකි බවය. වැඩි කල් නොගොස් කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලීසියේ විශ්වාසයයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.