කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව අද (18) පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිතය.
එහිදී නීතිපති සංජය රාජරත්නම් මහතාට තවත් වසරක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳ අද තීරණය කිරීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව පසුගිය දා රැස් වූ අතර එහිදී ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට හැකි වූයේ නැත.
නීතීපති සංජය රාජරත්නම් මහතාට වසරක සේවා දිගුවක් ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර තිබේ.
එම නිර්දේශය අනුමත කිරීම හෝ නොකිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අද සිදු කරනු ඇති.