fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෛද්‍ය දීමනා කපාහැරලා - අයකුට රු.30,000කට වැඩි පාඩුවක්

    වෛද්‍ය දීමනා කපාහැරලා – අයකුට රු.30,000කට වැඩි පාඩුවක්

    තම වැටුප ඉක්මවූ දීමනා කපාහැරීමෙන් වෛද්‍යවරුන්ට සිදුව ඇති අසාධාරණයට රජය කඩිනම් පියවර නොගත හොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ මේ හේතුවෙන් වෛද්‍යවරයෙකුට රුපියල් 30,000කට අධික මුදලක් අහිමිවී ඇති බවයි.

    මෙම අසාධාරණය හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වී රට හැරයාමේ සූදානමක්ද ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    එබැවින් මෙම අසාධාරණ ක්‍රියාව නිවැරදි කිරීමට රජය කඩිනමින් මැදිහත්ව ක්‍රියා කළ යුතු බවද වෛද්‍ය වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.