fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැති පත්කළ ආකාරය සරසවි ඇදුරෝ හෙළාදකිති

    අගමැති පත්කළ ආකාරය සරසවි ඇදුරෝ හෙළාදකිති

    ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ ආකාරය තරයේ හෙළා දකින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

    පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත තිබෙන මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමිවන අතර ඔහුට සිය කැමති දේශපාලන හේතුවක් මත වෙනත් මන්ත්‍රීවරයකු පත්කිරීමේ අයිතියක් නැතැයි ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

    “ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා වන ජනතා අරගලය පිටුපස දැඩිව නැගී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කිසිදු උපදේශන ක්‍රියාවලියකින් තොරව තනි තීරණයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලෙස පත් කිරීම තරයේ හෙළා දකියි. 2022 මැයි 9දා මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයෙකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණකින් ඇතැයි ජනාධිපතිවරයා විසින් කල්පනා කරනු ලබන මන්ත්‍රීවරයා අගමැති ධුරයට පත් පත්කිරීමට ජනාධිපතිවරයාට භාර විය බාර විය ජනාධිපතිවරයාට පුද්ගලික හෝ දේශපාලන හේතූන් මත ඔහුට කැමති අයෙකු වත් කළ හැකි බව මින් අදහස් නොවේ ඇත්ත වශයෙන්ම විකවශයෙන්ම වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවිය ද නැද්ද යන්න පිළිබඳව ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් පසුව සොයා බලන බව පෙනෙන්නට තිබේ කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයකි.”

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.