fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඕස්ට්‍රේලියාවේ නිවසක ලාංකික පියකු හා දරු දෙදෙනාගේ සිරුරු හමුවෙයි

    ඕස්ට්‍රේලියාවේ නිවසක ලාංකික පියකු හා දරු දෙදෙනාගේ සිරුරු හමුවෙයි

    ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ හන්ටිංඩේල් හි ද්විත්ව මිනීමැරුම්-සියදිවි නසාගැනීමකින් බවට සැළකෙන ශ්‍රී ලාංකික පියකු ඔහුගේ කුඩා දියණිය හා පුතනුවන්ගේ මළසිරුරු සොයාගෙන තිබේ.

    පියා විසින් දරුවන් ඝාතනයට ලක්කොට තමා සියදිවි නසාගෙන ඇති බවට එරට පොලීසිය සැකකරයි.

    මියගොස් ඇත්තේ ලාංකිකයකු වන ඉන්දික ගුණතිලක සහ 6 හැවිරිදි ඔහුගේ පුත් කොහාන් සහ 4 හැවිරිදි දියණිය ලිලී ය.

    දරුවන් දෙදෙනාගේ සිරුරු යහන මත තිබී ඇති අතර පියාගේ සිරුරට නිවස තුළින් හමුවී ඇත්තේ ඊයේ සවස 6.30 ට පමණ වන අතර පවුලේ සාමාජිකයෙකු විසින් සොයා ගන්නා ලදී.

    නගර සැලසුම්කරුවෙකු වූ ගුණතිලක මහතා සති හයකට පෙර සමාජ මාධ්‍ය වෙත පළ කර තිබූ වීඩියෝවකින් කියැවුණේ ඔහු මානසික අවපීඩනය සම්බන්ධයෙන් මෑත කාලීනව කරන අරගලය පිළිබඳවය. අන් අයටද ඒ පිළිබඳ දැනීමට උපකාර කිරීම සඳහා වීඩියෝව පළකළ බව ඔහු සඳහන් කර ඇත.

    “දිගු කලක් තිස්සේ මාව හොඳින් හඳුනන අය, ඔවුන් මා මානසික අවපීඩනයෙන් පෙළෙන කෙනෙකු ලෙස නොසිතනු ඇතැයි මට විශ්වාසයි … නමුත් මම මෑතකදී මානසික අවපීඩනයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇත.” යැයි ඔහු එහි සඳහන් කර ඇත්තේ ප්‍රතිකාර ගන්නා බව ද පවසමිනි.

    “මානසික සෞඛ්‍ය ගැටලු හෝ මානසික අවපීඩනයේ අමිහිරි සංඥා ඔබට පමණක් නොව ඔබ අවට සිටින අයටද බලපාන නිසා මම හිතනවා එයට උපකාර වන ඖෂධ ලබාගන්න.”

    ‘සියදිවි නසා ගැනීම විසඳුම නොවේ … මිනිසුන් වෙත ළඟා වීමට උත්සාහ කරන්න, මිනිසුන් සමඟ කතා කරන්න, උදව් සොයන්න, ඔබ සාර්ථක නම් නැවත පැමිණීමක් නොමැති දරුණු තීරණයක් ගැනීමට පෙර ඔබට කළ හැකි දේ බලන්න.’ යැයි ද ඔහු පවසා ඇත.

    ඔහු දින දෙකකට පමණ පෙර තමන් සහ දරු දෙදෙනා වෙරළේ අත් අල්ලාගෙන හිරු බැස යන අයුරු බලාහිඳින සේයාරුවක් ද මුදාහැර ඇත.

    ඉන්දික ගුණතිලක මහතා සමාජ ජාලයේ අවසන් වරට බෙදාගෙන තිබු ඡායාරූපය

    ගුණතිලක මහතා බටහිර ඔස්ට්‍රේලියාවේ රාජකීය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. ඔහු දක්ෂ ගායකයකු ලෙසට ද ප්‍රකටය.

    සහකාර පොලිස් කොමසාරිස් ඇලන් ඇඩම්ස් පැවසුවේ 40 හැවිරිදි පියා තම නිවසේ ගරාජය තුළ මියගොස් සිටි බවත්, දරුවන් දෙදෙනා ඇතුළත සිටින බවත්ය.

    ඔවුන්ගේ මව තම දරුවන් ගැනීමට කලින් තීරණය කර තිබූ ස්ථානයකට පැමිණ ඇති අතර එහි දරුවන් නොසිටි බැවින් වහා පොලීසියට දැනුම් දී තිබේ. පොලීසිය නිවසට ගොස් පරීක්ෂා කර ඇත්තේ ඒ අනුවයි

    මියගිය ඉන්දික මහතා දරුවන් දෙදෙනා සහ බිරිද සමගින්
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.