fbpx
තවත්
    මුල් පිටුවCOVIDරෝහල් 29ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

    රෝහල් 29ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

    රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පැවසීය.

    කොවිඩ් ආසාදිත සිසුන්ට එම රෝහල් විභාග මධ්‍යස්ථානවල සිට විභාගවලට පෙනී සිටිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

    ඒ සෑම විභාග මධ්‍යස්ථානයකම උසස් පෙළ සිසුන් වෙනුවෙන් වෛද්‍යවරුන් කණ්ඩායමක් වෙන් කර තබන බව ද ඔහු සඳහන් කළේ ය.

    කොවිඩ් ආසාදිත උසස් පෙළ සිසුන්ට එම විභාග මධ්‍යස්ථානවල දී අවශ්‍ය වුවහොත් ප්‍රතිකාර ලබාදෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.