fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුතින් කැබිනට් ඇමතිකම් 2ක් - ජනපතිගෙන් කොටසක් - සුසිල්ගෙනුත් කෑල්ලක් ගලවයි

    අලුතින් කැබිනට් ඇමතිකම් 2ක් – ජනපතිගෙන් කොටසක් – සුසිල්ගෙනුත් කෑල්ලක් ගලවයි

    අලුතින් කැබිනට් අමාත්‍යාංශ දෙකක් පත්කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය එම අමාත්‍යාංශ 02 ය.

    මෙහිදී ජනාධිපතිවරයා දරන ආරක්ෂක අමාත්‍යාංශය සතුව පැවති බලතල හා ආයතන කිහිපයක් ඉවත් කර තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වෙත පවරා තිබේ.

    ඒ අනුව ආගමන හා විගමන කටයුතු, විදුලි සංදේශ කටයුතු නියාමනය, තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම, සයිබර් ආරක්ෂණය, පුද්ගලයින් ලියාපදිංචි කිරීම, ආයෝජන ප්‍රවර්ධනය, ආර්ථික සංවර්ධන කලාප ප්‍රවර්ධනය ආදිය ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කර නව අමාත්‍යාංශයට බද්ධ කර ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබූ ළමා හා කාන්තා කටයුතු කොටසත් වත්මන් ඇමති මණ්ඩලය යටතේ නොතිබූ සමාජ සවිබල ගැන්වීමත් එක් කැබිනට් අමාත්‍ය ධුරයක් යටතට මෙලෙස අලුතින් පත්කර ඇත.

    මීට පෙර අවස්ථාවලදී ළමා හා කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම යන විෂයන් සඳහා වෙන වෙනම කැබිනට් අමාත්‍යවරුන් පත්කර සිටියද පසුගියදා පත්කරන ලද නව කැබිනට් ඇමතිවරුන්ගේ ලැයිස්තුවේ මේ සඳහා වෙනම කැබිනට් අමාත්‍යවරුන් පත්නොවිණි.

    ඒ වෙනුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ අමාත්‍යාංශය යටතේ වන විෂය පථයක් ලෙසත් පියල් නිශාන්ත මහාගේ කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ධුුරය යටතට ළමා හා කාන්තා කටයුතු ඇතුළත් විය.

    වත්මන් ඇමති හෝ රාජ්‍ය අමාත්‍ය විෂය පථයට සමාජ සවිබල ගැන්වීම අයත් වී නොතිබිණි.

    නව අමාත්‍යාංශ දෙක පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට්ටුව පහත දැක්වේ.

    2283-34_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.