fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔලිම්පික් ඉතිහාස‍යේ ළාබාළම රන් පදක්කම්ලාභියෙක් ජපානයෙන්

    ඔලිම්පික් ඉතිහාස‍යේ ළාබාළම රන් පදක්කම්ලාභියෙක් ජපානයෙන්

    ඔලිම්පික් ඉතිහාසයේ ලාබාලතම රන් පදක්කම්ලාභීන්ගෙන් අයකු ලෙස අද ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී කාන්තා වීදි ස්කේට්බෝර්ඩ් ඉසව්ව ජයගත් ජපානයේ 13 හැවිරිදි නිෂියා මොමිජි වාර්තාගත විය.

    මෙතෙක් කල් මෙම වාර්තාවට හිමිකම් කීවේ 1936 දී බර්ලින් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් ඇමරිකානු කාන්තා කිමිදුම්කරු මාර්ජෝරි ගෙස්ට්‍රිං ය.

    මෙම රන්පදක්කම ලැබීමත් සමග ජපානයේ මොමිජි නිෂියා ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ‘කාන්තා ස්කේට්බෝර්ඩිං’ පළමු රන් පදක්කම දිනා ගත් තැනැත්තිය ද වන්නේ ය.

    ඇය එම වාර්තාවට හිමිකම් කියන විට ඇගේ වයස ද අවුරුදු 13 යි දින 267 කි. මොමිජ් ඇයට වඩා මාස කිහිපයක් වැඩිමහල් ය.

    පිරිමි වීදි ස්කේට්බෝර්ඩිං ක්‍රීඩාවේ ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම ජපානයේ සෙසු ක්‍රීඩක යූටෝ හොරිගෝම් විසින් දිනා ගැනීමෙන් දිනකට පසුව මොමිජිගේ ජයග්‍රහණය ලැබීම ද සුවිශේෂී සිද්ධියකි.

    රිදී පදක්කම්ලාභියා වූයේ තවත් 13 හැවිරිදි බ්‍රසීලියානු තරුවක් වන රේසා ලීල් ය. 16 හැවිරිදි ජපානයේ ෆූනා නකයාමා ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.