Home උණුසුම් පුවත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් අත්අඩංගුවට

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් අත්අඩංගුවට

0
එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් අත්අඩංගුවට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ සිද්ධියට අදාළව එහි කපිතාන්වරයා අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අත්අඩංගුවට ගත් කපිතන් වරයා රුසියානු ජාතිකයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවේ ඔහු අද දින කොළඹ මහාධිකරණ අංක එක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි.

මහාධිකරණ අංක එක වෙත ඉදිරිපත් කරනු ලබන්නේ විශේෂයෙන්ම මහ මුහුදේ දී සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු විභාග බවත් එහි අනන්‍ය බලය පැවරී ඇත්තේ කොළඹ මහාධිකරණය වෙත බවත් නියෝජ්‍ය පොලිස්පති වරයා අවධාරණය කරයි .

තවදුරටත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here