Home special දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

0
දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති දෙවැනි එක්දින තරගය කඩුලු දෙකකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(01) රාත්‍රියේ සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනාම දැවී ලකුණු 208(44.4) ලබාගත් අතර ජයග්‍රහණය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් පන්දුවාරයක් ඉතිරිව තිබිය දී සිය ජයග්‍රහණය තහවුරු කළේය.

ජනිත් ලියනගේ ලකුණු 95ක් රැස්කරමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හිමිකර දුන්නේය.

පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටින මහේෂ් තීක්ෂණ (18) සහ නොදැවී ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීර (18) සහ ජෙෆ්රි වැන්ඩේසෙ (19) ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිකර දුන්හ.

ජනිත් ලියනගේ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

සිම්බාබ්වේ 208 (44.4)

ශ්‍රී ලංකාව 211/8 (49)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here