Home special WeChat තහනම ගැන චීනයෙන් කැනඩාවට ඉල්ලීමක්

WeChat තහනම ගැන චීනයෙන් කැනඩාවට ඉල්ලීමක්

WeChat තහනම ගැන චීනයෙන් කැනඩාවට ඉල්ලීමක්

 
වෙළඳපොළ ආර්ථික මූලධර්ම අනුගමනය කරමින්, චීන සමාගම්වලට සාධාරණ හා නොවෙනස් ව්‍යාපාරික පරිසරයක් සපයන ලෙස චීනය කැනඩාවෙන් ඉල්ලා සිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ ඊයේ (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමිනි.       

රජයේ නිල කටයුතු සඳහා යොදා ගැනෙන ස්මාර්ට් දුරකථනවල WeChat යෙදවුම භාවිත කිරීම තහනම් කරන බව‍ට කැනඩාව ඉකුත් 30 වැනිදා නිවේදනය කළේය. වං වෙන්බින් මහතා ඊට දැඩි විරෝධය දක්වමින් ඉහත අදහස් පළකළේය.

WeChat යනු පෞද්ගලික සමාගමක සමාජ මාධ්‍ය වේදිකාවකි. කැනඩා‍ රජය  කිසිදු සාක්ෂියකින් තොරව ඩිජිටල් ආරක්ෂාවේ මුවාවෙන් එය‍‍ තහනම් කිරී‍මේ ක්‍රියාවලියට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව ද වං වෙන්බින් මහතා පැවසීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here