fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන-ඇමරිකා නායක හමුවක් පවත්වන්න ඒකාබද්ධ උත්සාහයක්

    චීන-ඇමරිකා නායක හමුවක් පවත්වන්න ඒකාබද්ධ උත්සාහයක්

     
    චීන-ඇමරිකානු නායක දෙපළ අතර එකඟතා ක්‍රියාවට නැංවිය යුතු බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වන් වෙන්බින් මහතා මේ බව පැවසුවේ, බෙයිජිං අගනුවර 30 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය පිළිබඳව තොරතුරු පැහැදිලි කරමිනි.

    විදේශ අමාත්‍ය වං යී මහතාගේ සංචාරයේ දී චීනය හා ඇමරිකාව සමානාත්මතාව හා අන්‍යෝන්‍ය ගරුත්වය පිළිබඳ ආකල්පයක සිට, පොදු සැලකිල්ලට ලක්වන කරුණු සම්බන්ධයෙන් පුළුල් ලෙස අදහස් හුවමාරු කර ඇතැයි වං වෙන්බින් මහතා පැවසීය. එහිදී සම්බන්ධතාව යහපත් වීමේ සංඥාවක් දෙපාර්ශ්වයෙන් ම නිකුත් වී ඇති බව ද හෙතෙම පෙන්වාදෙයි.

    චීන – ඇමරිකානු සම්බන්ධතාවය ස්ථාවර වීම දෙරටේ ම බලාපොරොත්තුවකි. විශේෂයෙන් දෙරට නායක හමුවක් සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී පැවැත්වීම සඳහා  ඒකාබද්ධව උත්සාහ දරන බව දෙපාර්ශ්වයම පවසා ඇත.

    නායක හමුවක් පැවැත්වීම පහසු ක්‍රියාදාමයක් නොවන අතර, එය එක් පාර්ශ්වයකට තනිව ඉටුකළ නොහැකිය. මේ නිසා නායක දෙපළ බාලි දූපතේ පැවැත්වූ හමුවේ දී එළඹුණු එකඟතා  ක්‍රියාවට නංවමින් බාධා හා බලපෑම් ඉවත් කර, පොදු අදහස් සහිතව ක්‍රියා කළ යුතු බව ද වං වෙන්බින් මහතා කියාසිටියේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න