fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගම්පහට ගංවතුර අවදානමක් -මුදාගැනීමේ කණ්ඩායම් සීරුවෙන් තබන්නැයි ඉල්ලීම්

    ගම්පහට ගංවතුර අවදානමක් -මුදාගැනීමේ කණ්ඩායම් සීරුවෙන් තබන්නැයි ඉල්ලීම්

    අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශයන්හි ගංවතුර අවදානමක් පවතින බැවින් වහා ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මුදවා ගැනීමේ කණ්ඩායම් සූදානම්ව තබන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත හදිසි ඉල්ලීමක් කර ඇත.

    අද(01) දවස පුරා ඇදහැලෙන වර්ෂා තත්ත්වය හේතු කොටගෙන අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහලයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එබැවින් අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශයන්හි සහ විශේෂයෙන්ම ගම්පහ නගරය ආශ්‍රිත ප්‍රදේශ, වත්තල හා ජාඇල ප්‍රා.ලේ බල ප්‍රදේශයන්හි පහත් බිම් සදහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

    තවද අත්තනගලු ඔය දෙපස පහත් බිම්වල ජීවත්වන ප්‍රජාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට අවශ්‍යතාවය අනුව පියවර ගන්නා ලෙස එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න