Home උණුසුම් පුවත් අදත් මෙරට නගර 5ක වායුව අහිතකරයි – නරකම තත්ත්වය චීනයේ

අදත් මෙරට නගර 5ක වායුව අහිතකරයි – නරකම තත්ත්වය චීනයේ

අදත් මෙරට නගර 5ක වායුව අහිතකරයි – නරකම තත්ත්වය චීනයේ

මෙරට වායුගෝලයේ ප්‍රමිතිය අනුව කොළඹ ඇතුළු නගර කිහිපයක අහිතකර තත්ත්වයක් බලපා ඇති බැවින් සංවේදී කණ්ඩායම් වෙත වඩා අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවට අනතුරු ඇඟවේ.

අද (12) උදෑසන වනවිට මෙරට නගර 5ක වායුගෝලයේ ප්‍රමිතිය සිරුරට අහිතකර මට්ටමකට පැමිණ ඇති බව සජීවීව වායුගෝලයේ ප්‍රමිතිය අධීක්ෂණය කරන ජාත්‍යන්තර ආයතනයක් වන අයික්‍යුඑයාර් පවසයි.

ඒ අනුව මහනුවර, ගම්පහ, අම්බලන්තොට, මීගමුව හා කොළඹ යන නගරවල මෙම තත්ත්වය පවතින බව එම ආයතනය කියයි.

මේ අතර මෙරට වායුගෝලයේ තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ ස්ථාපනය කර ඇති උපකරණ මගින් ‍මේ මොහොතේ සහ ඉදිරි දිනයන්වල වායුගෝලයේ ප්‍රමිතිය පිළිබඳ අනාවැකිය aquin.org මගින් දක්වා තිබුණේ මෙසේය.

කෙසේවෙතත් වායුගෝලය බරපතළ ලෙස වැඩිම අහිතකර තත්ත්වයක පවතින්නේ චීනයේ බොහෝ නගරවල වන අතර ඉන්පසුව වැඩිම නගරවල වායුව අහිතකරව ඇත්තේ ඉන්දියාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here