Home උණුසුම් පුවත් ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් ආදායමේ වාර්තාගත ඉහළ යාමක්

ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් ආදායමේ වාර්තාගත ඉහළ යාමක්

0
ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් ආදායමේ වාර්තාගත ඉහළ යාමක්

කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකා ගුවන හරහා පියාසර කළ ජාත්‍යන්තර ගුවන් යානාවලින් ලැබු වැඩිම ආදායම ගෙවී ගිය පැය 24ක කාලය තුළ ලැබී ඇති බව ගුවන් ගමන් පාලක ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාව හරහා පියාසර කර ඇති ගුවන් යානා ගණන 117කි. ඒ සෑම ගුවන් යානයක්ම ශ්‍රී ලංකාවේ ගුවන පසුකර යනතුරුම ගුවන් ගමන් පාලකවරුන් විසින් දැඩි පරිශ්‍රමයකින් මෙහෙයවනු ලබයි.

මෙම සෑම ගුවන් ගමනකින්ම ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 250ක පමණ අදායමක් හිමිවන අතර ඒ අනුව ගෙවී ගිය පැය 24 තුළ රුපියල් කෝටියකට අධික මුදලක් රටට ලැබී තිබේ. මෙයට අමතරව එම කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා පැමිණීම සහ පිටවීම් 120ක් වාර්තා වී තිබේ.

මේ දිනවල ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයක් ඇති බවට වාර්තා පළ වන අතර එම තත්ත්වය ද කළමනාකරණය කරගනිමින් මෙරට ගුවන් ගමන් පාලකවරුන් ඊයේ රාත්‍රිය මේ සියලු ගුවන් ගමන් ඉතා කාර්යබහුලව තත්ත්වයක් යටතේ වුවද සාර්ථකව මෙහෙයවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here