Home COVID සීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් අනුප්‍රභේදයක් රටවල් 63කින්

සීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් අනුප්‍රභේදයක් රටවල් 63කින්

සීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් අනුප්‍රභේදයක් රටවල් 63කින්

කොව්ඩ්-19 වෛරසයේ මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම සම්ප්‍රේෂණය වන ඔමික්‍රෝන් අනුප්‍රභේදයක් අලුතින් හඳුනාගෙන තිබේ.

එය නම් කර ඇත්තේ BA5 ලෙසයි.

මෙම අනුප්‍රභේදයට ප්‍රතිශක්තිය පවා මඟහැරිය හැකි බවට ද සොයාගෙන ඇත.

මේවනවිට මෙම නව ප්‍රභේදය රටවල් 63කින් හඳුනාගෙන තිබේ.

මෙරට තුළ මුඛ ආවරණ සීමා පවා මේ වනවිට ලිහිල් කර ඇත.

නව ප්‍රභේදය පිළිබදව අනතුරු අඟවමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක ජීව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ කොරෝනා වසංගතය තවමත් ක්‍රියාත්මක බැවින් ලාංකිකයන් ද ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි.

“මේ වනවිට අපි සියල්ලෝම අවධානය වෙනතකට යොමු කර ඇති නමුත් තවමත් වසංගතය සිදුවෙමින් පවතී. නවතම COVID-19 ප්‍රභේදය BA5 ලෙස හඳුනාගෙන ඇත. මෙය වසංගතය ආරම්භ වූ දා සිට අනාවරණය වූ වඩාත්ම සම්ප්‍රේෂණය කළ හැකි සහ ප්‍රතිශක්තිය මග හැරිය හැකි ප්‍රභේදයකි. එමෙන්ම එය මෘදු නොවේ. BA5 රටවල් 63 කින් හඳුනාගෙන ඇතත් ශ්‍රී ලංකාව තුළ තවමත් හඳුනාගෙන නොමැත.” යැයිද හෙතෙම කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here