Home උණුසුම් පුවත් දමිල කතාකරන ජනතාවගේ පක්ෂ එක්වෙයි – කොළඹදී සමුළුවක්

දමිල කතාකරන ජනතාවගේ පක්ෂ එක්වෙයි – කොළඹදී සමුළුවක්

දමිල කතාකරන ජනතාවගේ පක්ෂ එක්වෙයි – කොළඹදී සමුළුවක්

දමිළ කතා කරන ජනතාවගේ පක්ෂ නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සමුළුව කොළඹදී ආරම්භ වී තිබේ.

එහිදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය, දමිල සහ මුස්ලිම් ජනතා ගැටලු සම්බන්ධයෙන් පොදු එකගතාවලට පැමිණීම සඳහා දෙමළ පක්ෂ හමුවී සාකච්ඡා කර ඇත.

මේ සඳහා ඊට ඉලංගෙයි තමිල් අරසු, දෙමළ ජනතා පක්ෂය, දමිළ ප්‍රගතිශිලි සන්ධානය, ටෙලෝ, ඊ.පි.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පක්ෂ නායකයින් සහ නියෝජිතයින් එක් ව සිටී.

මීට පෙර අවස්ථා දෙකක දී හමු වු මෙම පක්ෂ, දෙමළ සහ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ නොබෙදුණු ශ්‍රී ලංකාව තුළ ගෞරවය හා සමානාත්මතාවය සහිත ජීවන රටාවක් අපේක්ෂා කරන, දමිළ කතා කරන ජනතාවගේ පක්ෂ නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සමුළුව කොළඹදී මෙලෙස ආරම්භ වූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here