Home මුල් පුවත වාරියපොලට ජෙට් එකක් කඩා වැටෙයි

වාරියපොලට ජෙට් එකක් කඩා වැටෙයි

0
වාරියපොලට ජෙට් එකක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත කේ-8 වර්ගයේ පුහුණු ජෙට් යානයක් අද (21) උදෑසන වාරියපොල ප්‍රදේශයේදී අනතුරට ලක් වී ඇත.

ජෙට් යානය අනතුරට ලක් වන විට එහි සිටි නියමුවන් දෙදෙනා පැරිශුටයක ආධාරයෙන් දිවි ගලවාගෙන ඇතැයි වාර්තාවේ.

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් පථයේ සිට පියාසර කර තිබෙන මෙම ජෙට් යානයේ රේඩාර සම්බන්ධතා අනතුරට ලක් වීමට පෙර විසන්ධි වී තිබේ.

අනතුරට පත් ජෙට් යානය පොල් ඉඩමකට කඩා වැටී ගිනි ගෙන විනාශ වී ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණපවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here