තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයකැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා

    කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා

    ආණ්ඩුව බලයට පත් වී මාස හයක කාලයක් ගතවුනද කැසිනෝ බදු අය කිරීමට ආණ්ඩුව පස්ස ගහමින් සිටින බව සමගි ජන බලවේගය මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද(20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීවේ ය.

    දැන් බලන්න, මේ කැසිනෝ බදු හරියට එකතු කරගන්න කියලා කටේ ලේ රහ වෙනකම් මෙතන කියනවා. කැසිනෝ රෙගුලේටර් කෙනෙක් දාන්න. හැබැයි වෙන්නෙ නෑ. ආණ්ඩුව ඇවිල්ලත් දැන් මාස හයක් වෙනවා. හැමදාමත් කියනවා මේ online casino දැන් හැම තැනමතියෙනවා. සත පහක් බදු ගහන්නේ නැහැ. බදු ගහගෙන ගහගෙන යනවා ඇයි මේක කරන්නේ නැත්තේ? මුදල් කාරක සභාව හරහා 2022-11-24 ඉඳලා ඒ සම්බන්ධයෙන් වෙච්ච වැඩපිළිවෙළ මම ඉදිරිපත් කරන්න කැමතියි. හරියට අපට නියාමන කොමිසමක් තියෙනවනම් මේ ගහපු බදු ප්‍රමාණය මීට වඩා මහා ගොඩක් ලබාගන්න පුළුවන්. 2020 ලැබිලා තියෙන්නේ රු.බිලියන එකයි දශම එකයි. 2021 ලැබිලා තියෙන්නේ රු.බි. 1.5 යි. 2022 රු. බි 6.2 යි. 2023 රු. බි 6.4යි. 2024 අලුත් ලයිසන් දීපු නිසා රු.බි 13.4යි. මේ අවුරුද්දට දැනටම රුපියල් බිලියන 1.6යි.  මොකක්ද මේ ? ගරු කතානායකතුමනි, මේක බෙදලා බැලුවම ශ්‍රී ලාංකිකයෝ එක දවසකට සාමාන්‍ය වශයෙන් ගිහිල්ලා තියෙන්නේ 17 දෙනයි. මේ දාහක් දෙනාට ගහන ඩොලර් පනහ, ඩොලර් සියය කරන්න හදනවා. ඒක නෙමෙයි විය යුත්තේ. ඒක නිසා ඇතමෙක්ට මෙතෙන්ට ඇවිල්ලා කියන්න පුළුවන් අපි සිගරට් බදු අරක්කු බදු, කැසිනෝ බදු වැඩි කරනවා කියලා. ඒවා කොලේට විතරයි සීමා වෙලා තියෙන්නේ. ඒව ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් නැහැ.

    සභානායක අමාත්‍යය බිමල් රත්නායක මහතා

    අපි දන්නවා මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට පැවරිලා තියෙන්නේ ස්ථාවර නියෝග අනුව. හැබැයි සභාපතිතුමා කියලා වගකීම් විරහිතව හැසිරෙන්න බැහැ. ඒ නිසා කවුරුහරි යෝජනා කරනවා නම් මේ ස්ථාවර නියෝගය අත්හිටුවලා යන්න කියලා අපි යෝජනා කරනවා. පාර්ලිමේන්තුවේ කවුරුත් ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න ඕන.හැබැයි ස්ථාවර නියෝග අනුව ඒ ලැබිලා තියෙන අයිතියි black mail කරන්න විපක්ෂයට අයිතියකුත් නැහැ. ආණ්ඩුවට අයිතියකුත් නැහැ.

    පා.ම හර්ෂද සිල්වා මහතා.

    පහුගිය ආණ්ඩුවේ මේකට පූර්වාදර්ශයකුත් තියෙනව. ඔබතුමාට පුළුවන් ඕන්නම් මාව අයින් කරන්න.මං මේක කිව්වේ සද්භාවයෙන්.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img