දිවයින හරහා නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීම හේතුවෙන් අද දින (15) රට පුරා තද සුළං ඇතිවීමේ තතත්ත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.
ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි ය.
මේ අතර අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ කරා යන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත් වන ලෙසට ද අනතුරු අඟවා තිබේ.
සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 75 ත් අතර මුහුදු ප්‍රදේශවල) සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 12 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 80 සහ 92 ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං (පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවතිි.