මෙම මස අවසන් වන විට ජනාධිපතිවරණ දිනය හෙළිකර ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.
ඒ වනවිට ජනාධිපතිවරණ අපේක්ෂයන්ගෙන් නාමයෝජනා කැඳවීමට ද කොමිසම බලාපොරොත්තු වේ.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කිරීම සඳහා මැතිවරණ කොමිසමට ලබන 17 වනදා සිට බලය හිමිවේ.
නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත්කිරීමෙන් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බව කොමිසම සඳහන් කරයි.
ජනාධිපතිවරණය ලබන ඔක්තෝම්බර් 5 හෝ 12 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම අපේක්ෂාවෙන් සිටී.
මෙම වසරේ පළමු කාර්තුවේදී යාවත්කාලීන කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව මිලියන 17ක පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.