fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවේ අවුලක්- ෂෙහාන්ට ආරාධනා නෑ

    පොහොට්ටුවේ අවුලක්- ෂෙහාන්ට ආරාධනා නෑ

    අනුරාධපුර තලාව නගරයේ පසුගිය 26 වැනිදා පැවති ‘සටන අරඹමු රජරටින්’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ආසන සමුළුවට තමන්ට ආරාධනාවක් නොලැබුණු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ආරාධනා නැතිව මළ ගෙදරක යාමට හැකි උවත් මෙවැනි රැස්වීමකට ආරාධනා නැතිව යා නොහැකි බව අනුරාධපුරයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකුව සිටි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.

    මෙම රැස්වීම සංවිධානය කිරීම අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා නායකත්වය ගෙන තිබිණි. ඔහුට ඒ සඳහා සහය වී තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලාවැව ප්‍රධාන සංවිධායක උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතාය.

    අදාළ රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වී සිටියේය. එසේ වුවද ඔහු මෙම රැස්වීම ඇමතීමෙන් වැළකී සිටීම ද විශේෂත්වයකි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහි ප්‍රධාන කථිකයා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන එස්.එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, ඩී.වීරසිංහ, ජානක තිස්සකුට්ටිආරච්චි සහ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් රැස්වීම ආමන්ත්‍රණය කළහ.

    මේ අනුව දැනට ආණ්ඩුවේ ඇමති ධුර ලබා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට මෙම ආසන රැස්වීම්වල ආරාධනා නොලැබී යාවි ද යන්න ගැන මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් ඉදිරිපත් වී නොමැත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.