Home උණුසුම් පුවත් සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ -ලබන සතියේ රටපුරා

සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ -ලබන සතියේ රටපුරා

සෞඛ්‍ය වර්ජනය අද සබරගමුවේ -ලබන සතියේ රටපුරා

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වර්ජනය අද (14) සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට දහවල් 12 දක්වා පැය 4ක කාලයක් සේවාවලින් ඉවත් වී ඔවුහු වර්ජනයේ නිරත වෙති.

මේ අතර, පළාත් මට්ටමින් ක්‍රියාත්මක සිය වෘත්තීය ක්‍රියාමාර්ගය, ලබන 22 වැනිදා සිට දීප ව්‍යාප්තව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

සිය ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට මේ වනතෙක් රජය අපොහොසත් වීම හේතුවෙන් එම ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇති බව ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here