Home උණුසුම් පුවත් පූර්ණ සූර්යග්‍රහණය නාසා ඇසින්.. (📹)

පූර්ණ සූර්යග්‍රහණය නාසා ඇසින්.. (📹)

පූර්ණ සූර්යග්‍රහණය නාසා ඇසින්.. (📹)

උතුරු ඇමරිකාව හරහා ඊයේ දින(08) ගමන් කරමින්, ලොව සීමිත රටවල් කිහිපයකට පමණක් දිස්වූ පූර්ණ සූර්යග්‍රහණයක දුරේක්ෂ දැක්ම නාසා ආයතනය විසින් නිකුත් කර තිබේ.

මෙක්සිකෝව හරහා, ටෙක්සාස් සිට මේන් දක්වා එක්සත් ජනපදය හරහා ගමන් කරමින් සහ කැනඩාවේ වෙරළ දිගේ උතුරු ඇමරිකාවෙන් එහි පිටවීම සිදුවිය.

එහිදී ඇතැම් රටවලට පූර්ණ සූර්ග්‍රහණය දැකබලා ගත හැකි වුවද ඇතැම් රටවලට අර්ධ වශයෙන් දිස්වී ඇත.

මෙම පූර්ණ සූර්යග්‍රහණයේ සජීවී දර්ශන විකාශය කිරීමට ද නාසා ආයතනය කටයුතු කර තිබුණි.

පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන්නේ සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා ගොස් සූර්යයාගේ සම්පූර්ණ හිරු තැටිය ආවරණය වන විටය.

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ ඊයේ දින සිදුවූ පූර්ණ සූර්යග්‍රහණයයි.

අමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ වඩාත් ජනාකීර්ණතම නගරය වන ඉන්දියානාපොලිස් නගරයට වසර 800 කටත් වැඩි කාලයකට මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයක් දකින පළමු අවස්ථාව මෙයයි. ඔවුන් එය අත්දුටු ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.

මේ අතර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මෙම පූර්ණ සූර්යග්‍රහණය දැකිය හැකි වූයේ කෙසේද යන්න පිළිබඳ සජීවී විඩියෝවක් නාසා ආයතනය විසින් නිකුත් කර ඇත. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here