තවත්
    මුල් පිටුවspecialලංකාවේ පාපන්දු පිළට භූතානයට එරෙහිව විශිෂ්ට ජයක්

    ලංකාවේ පාපන්දු පිළට භූතානයට එරෙහිව විශිෂ්ට ජයක්

    මෙරට පැවැත්වෙන ෆිෆා සීරිස් තරගාවලියේ අද (25) පැවති තරගෙන් භූතානය පරදා ගෝල 2-0 ලෙස විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ සමත් වූහ.

    ජගත් ශ්‍රේණිගත කිරීම්වල 204 ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව මෙලෙස පරාජය කරනු ලැබුවේ එම ශ්‍රේණිගතකිරීම්වල 184 ස්ථානයේ රැදී සිටි භූතානයයි.

    මෙම තරගය කොළඹ තුරග තරග පිටියේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකාව මෙලෙස ජාත්‍යන්තර පාපන්දු ජයක් වාර්තා කරනු ලැබුවේ වසර තුනකට පසුවය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝල දෙක වාර්තා කළේ ඩිලන් ද සිල්වා සහ ජේම්ස් කෙලාර්ට් විසිනි.

    මෙලෙස භූතානය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූයේ වසර 10ක්ට පසුවය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img