තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිව් වසරකට පසු මෙරට වැඩිම සංචාරක ඉපැයීම් මේ ජනවාරියේ

    සිව් වසරකට පසු මෙරට වැඩිම සංචාරක ඉපැයීම් මේ ජනවාරියේ

    සිව් වසරකට පසු මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයීම්වලින් ඉහළම මාසික අගය මේ වසරේ ජනවාරියේදී වාර්තා වී තිබේ.

    ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ එය ඇමෙරිකානු ඩොලර් මිලියන 342ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ය.

    මහ බැංකුවේ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම වාර්තාවෙන් මේ බව අනාවරණය විය.

    එමෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මේ ජනවාරි මාසයේ දී පෙර වසරේ ජනවාරියට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කර ඇත.

    2024 වසරේ ජනවාරි මස අවසානය වන විට දළ නිල සංචිත එ. ජ. ඩොලර් බිලියන 4.5ක් දක්වා අඛණ්ඩව වර්ධනය විය.

    2024 වසරේ පෙබරවාරි මස 29 දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 4.4කින් අතිප්‍රමාණය විය.

    මේ වසරේ ජනවාරි මාසයේදී මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පහතින්.

     

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img