බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ජිප් රථයේ නන්වාගෙන මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී මුත්රාකිරීමට අවශ්‍ය යැයි කියා ජිප් රථයෙන් බැස පොලීස් නිලධාරීන් සමඟ පොර බදා පොලිස් සැරයන්වරයෙකු සතුව තිබුණු ගිනි අවියක් පැහැරගෙන පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා පළාගිය ත්‍රීරෝද රථ රියදුරු බිංගිරියේ සිය අනියම් බිරියගේ නිවසේ සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයාද ඊයේ කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත.
අවුරුදු 51ක් වයසැති ප්‍රියන්ත නැමැති සැරයන්වරයා මෙසේ මියගොස් තිබේ. ඔහු ලුණුගම මණ්ඩාවල පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.
සැකකරු අනුන්ගේ ඉඩම් තමන්ගේ ඉඩම් ලෙස පෙන්වා විවිධ පුද්ගලයින්ට පෙන්වා එම ඉඩම් අලෙවි කිරීමට ඇතැයි පවසා මුදල් වංචා කිරීම්වල නිරතව සිටින්නෙක් බවටද තොරතුරු හෙළිවී තිබේ.
බිංගිරියේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පැහැරගත් ගිනි අවියද සමගිනි.
මෙම වෙඩි තැබීම සිදුවන්නේ පෙරේදා (10) අලුයම් කාලයේදීය.
මල්වතුහිරිපිටිය පොලීස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන් ශ්‍රියන්ත (55457), පොලිස් කොස්තාපල් සාලින්ද (100126) සහ පොලිස් කොස්තාපල් රියදුරු විජේකෝන් (80247) යන නිලධාරීන් KO 0285 අංකය දරණ පොලිස් ජිප් රථයෙන් පසුගිය (09) රාත්‍රී කාලයේ පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ රාත්‍රී ජංගම මුර සංචාරක රාජකාරි සඳහාය.
එහිදී මෙම නිලධාරීන් ප්‍රදේශයේ ඇති රාජ්‍ය ආයතන හා ඇතැම් ආයතන වල ඇති පොලිස් ජංගම සංචාරක සටහන් පොතේ සටහන් තැබීමටද කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව මෙම නිලධාරීන් රාත්‍රී කාලයේ බටේපොල සණස හන්දියේ පිහිටි සණස බැංකුවේ පිටත ස්ථානයක එල්ලා ඇති පොලිස් පොත අත්සන් තැබීමට ගිය විට දැක ඇත්තේ බැංකුවේ දොරක් විවෘතව ඇති අකාරයකි. දොර පළුව විවෘතව ඇත්තේ එහි ඉබි යතුරු නොදමා ඇති බැවින් බව නිරීක්ෂණයේදී පෙනී ගිය බැවින් පොලිස් නිලධාරීන් ඒ බව බැංකු කළමනාකරුට දැනුම්දී ඇත්තේ සොර සතුරු ග්‍රහණයට බැංකුව ලක්වී තිබේදැයි සැකකරමිනි.
බැංකු කළමනාකරුට දැනුම්දී ඇත්තේ වහාම බැංකුව අසලට පැමිණෙන ලෙසත් එතෙක් තමන්ද ඒ අසල රැදීසිටින බවත් සඳහන් කරමිනි.
එසේ බැංකුව අසල පොලිස් නිලධාරීන් රැදී සිටියදී මාර්ගයේ ගමන්කළ වාහන පරීක්ෂාවක්ද පොලිස් නිලධාරීන් විසින් සිදුකර තිබේ. ත්‍රීරෝද රථයක්ද එම පරීක්ෂාවට ලක්වී ඇත. එම රථයේ රියදුරු බීමතින් සිටි බැවින් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ස්ථානයට රැගෙන ගොස් අවශ්‍ය නීතිමය පියවර ගැනීමටය. එහිදී එක් නිලධාරියෙක් ත්‍රීරෝද රථයේ යතුර තමා අතට ගෙන තිබේ. බැංකු කළමනාකාරිනිය පැමිණෙන තුරු මාංචු දැමූ සැකකරු ජිප් රථයේ නන්වා සිට ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.
එහිදී මුත්‍රා කිරීමට අවශ්‍ය යැයි පවසා මාංචු ගලවාගෙන ජිප් රථයෙන් බිමට බැස ඇති සැකකරු පොලිස් නිලධාරීන් සමඟ ආරවුලක් ඇතිකරගෙන පොර බදා ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ. වෙඩි පත්තුවී පොලිස් සැරයන්වරයා තුවාල ලබා ඇත්තේ එහිදීය.
සබැඳි පුවත්
සූර් වූ ත්‍රීවිල් ඩ්‍රයිවර් පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරන් වෙඩි තියලා