තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සූර් වූ ත්‍රීවිල් ඩ්‍රයිවර් පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරන් වෙඩි තියලා

    සූර් වූ ත්‍රීවිල් ඩ්‍රයිවර් පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරන් වෙඩි තියලා

    රාත්‍රී ජංගම රාජකාරියේ නිරතව සිටි මල්වතුහිරිපිටිය පොලීසියේ නිලධාරියෙකු වෙඩි වැදීමකට ලක්ව බරපතල තත්ත්වයෙන් රෝහල්ගතකර ඇත.

    මෙම වෙඩි වැදීම සිදුව ඇත්තේ අද අලුයම් කාලයේදීය.

    මල්වතුහිරිපිටිය පොලීස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන් ශ්‍රියන්ත (55457), පොලිස් කොස්තාපල් සාලින්ද (100126) සහ පොලිස් කොස්තාපල් රියදුරු විජේකෝන් (80247) යන නිලධාරීන් KO 0285 අංකය දරණ පොලිස් ජිප් රථයෙන් ඊයේ (09) රාත්‍රී කාලයේ පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ රාත්‍රී ජංගම මුර සංචාරක රාජකාරි සඳහාය.

    බටේපොල සණස හන්දියේ දී අද අලුයම් කාලයේදී මෙම ජිප් රථය නතරකර මාර්ගයේ ගමන් කරමින් තිබුණසෙැකකටයුතු වාහන පරීක්ෂාවක් සිදුකර ඇත. මාර්ගයේ ගමන්කරමින් තිබුණු ත්‍රීරෝද රථයක් ද එහිදී පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ. එහිදී නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ රියදුරු බීමතින් සිටින බවය.

    ඒ අනුව ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ජිප් රථයට නන්වාගෙන තිබේ. එම අවස්ථාවේදී ඔහු තමාට මුත්‍රා කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් ජිප් රථයට ගොඩවීම ප්‍රතික්ෂේපකර ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් ඔහුට මුත්‍රා කිරීමටද අවස්ථාව ලබාදී තිබේ. අනතුරුව ඔහු ජිප් රථයට නැගීම ප්‍රතික්ෂේපකර කලහාකාරී ලෙස හැසිරී තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    පොලීසියේ නිල තොරතුරු සඳහන්කරන ආකාරයට අනුව එහිදී ත්‍රීරෝද රථ රියදුරු සැරයන් ශ්‍රියන්ත සතුව තිබුණු රිවොල්වරය උදුරාගෙන ඔහුට වෙඩි තබා ගිනි අවියද රැගෙන පැමිණි ත්‍රීරෝද රථයෙන්ම පළාගොස් ඇත. පොලීසිය සඳහන්කරන ආකාරයට අනුව මෙම සිදුවීම වී ඇත්තේ රියදුරුව ජිප් රථයට නංවා ගැනීමට යාමේදීය.

    එම අවස්ථාවේදී පොලීසිය වහාම ක්‍රිියාත්මක වෙමින් වෙඩි වැදී තුවාල ලබා සිටි පොලිස් සැරයන්වරයා ගම්පහ රෝහලට ඇතුලත්කර තිබේ. වෙඩි වැදී ඇත්තේ නිලධාරියාගේ කටටය.

    රියදුරා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ත්‍රීරෝද රථය තිබී ඇත්තේ පොලිස් භාරයේය. මෙසේ පොලිස් භාරයට රියදුරෙක් ගැනීමේදී රථයේ යතුර පොලිස් භාරයට ගන්නා බැවින් රියදුරු ත්‍රීරෝද රථය පනගන්වා රැගෙන පළායාම ගැන පොලීසිය තුළ දැඩි කථාබහක් ද මේ වන විට ඇතිව තිබේ.

    වෙඩි වැදුණු පොලිස් නිලධාරියා බරපතල තත්ත්වයේ සිටින බවත් පළාගිය රියදුරු පොලීසියට භාරවීමක්වත් සිදුව නොමැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    පළාගිය එම රියදුරාව හදුනාගෙන ඇති බවත් කලක් මේරිලෑන්ඩ් වත්තේ පදිංචිව සිට ඇති බවට තොරතුරු ඇති බවත් එම නිලධාරියා කීය. ඔහුගේ ඡායාරූපයක් පවා මේ වන විට පොලීසියට ලැබී තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    එම පුද්ගලයා විවිධ වංචා කිරීම්වලට සම්බන්ධ අයෙක් බවටද තොරතුරු පොලීසියට ලැබී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img