Home උණුසුම් පුවත් පොලීසියේ ජල ප්‍රහාරක රථයක් හදිසියේම ගිනිඅරන්

පොලීසියේ ජල ප්‍රහාරක රථයක් හදිසියේම ගිනිඅරන්

0
පොලීසියේ ජල ප්‍රහාරක රථයක් හදිසියේම ගිනිඅරන්

උද්ඝෝෂණ හා කැරලි මර්දනයට යොදා ගනු ලබන පොලිසිය සතු ජල ප්‍රහාරක බවුසරයක් අද අලුයම ගිනි ගැනීමකට ලක්ව ඇත.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ගාල්කර තිබුණු මෙම රථය ගිනි ගැනීමෙන් රථයේ එන්ජිම සහිත කොටසට හානි සිදුව තිබේ.

ගින්නට හේතුව අනාවරණය නොවන අතර ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සේවයේ නිරත නිලධාරීන් ගින්න පාලනය නොකරන්නට රථය මුළුමනින්ම ගිනි ගැනීමට තිබුණු ඉඩකඩ බොහෝ බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු නාරාහේන්පිට පොලිස් ස්ථානයට භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here