Home උණුසුම් පුවත් ආන්දෝලනාත්මක ‘ඔන්ලයින් ආරක්ෂණ පනත’ නීතියක් වෙයි

ආන්දෝලනාත්මක ‘ඔන්ලයින් ආරක්ෂණ පනත’ නීතියක් වෙයි

ආන්දෝලනාත්මක ‘ඔන්ලයින් ආරක්ෂණ පනත’ නීතියක් වෙයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

ඊයේ (23) සහ අද (24) පාර්ලිමේන්තුවේදී මෙම කෙටුම්පත විවාදයට ගැණුනි.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේ අද ප.ව. 5.00 ට පමණ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 108 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 62 ක් හිමි විය.

මේ අනුව වැඩි ඡන්ද 46 කින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත විය.

අනතුරුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පනත්‍ කෙටුම්පතේ 36 වැනි වගන්තිය සදහා ඉදිරිපත් කළ සංශෝධනයට ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී සංශෝධනයට පක්ෂව ඡන්ද 51ක් ද විපක්ෂව ඡන්ද 92 ක් ද හිමිවිය.

මේ අනුව අදාළ සංශෝධනය වැඩි ඡන්ද 41 කින් පරාජය විය.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවන වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here