තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනාධිපතිවරණ ජාතික අපේක්ෂකයා රනිල්

    ජනාධිපතිවරණ ජාතික අපේක්ෂකයා රනිල්

    එළැඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපතිවරණ ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට අද(09) දින රැස්වූ එජාප කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත.

    ඒ අනුව ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කරවීම සඳහා වන එජාප කළමනාකරණ කමිටුවේ යෝජනාව ස්ථීරත්වයට පත්ව වී තිබේ.

    සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව මහමැතිවරණය පැවැත්වීමේ යෝජනාවක් ද අද රැස්වූ එජාප කළමනාකරණ කමිටුව සම්මත කරගෙන තිබේ.

    එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප කළමනාකරණ කමිටුව කොළඹ දී රැස්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපති වජිර අබේවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත ප්‍රධාන අපේක්ෂකයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතියි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img