Home දේශීය පුවත් උණුසුම් පුවත් රටේ වන විනාශයක් සිදුවන බවට ෆේස්බුක් මඟින් ව්‍යාජ පුවත් මැවූ සහකාර ඉඩම් කොමසාරිස් අත් අඩංගුවට

රටේ වන විනාශයක් සිදුවන බවට ෆේස්බුක් මඟින් ව්‍යාජ පුවත් මැවූ සහකාර ඉඩම් කොමසාරිස් අත් අඩංගුවට

රටේ වන විනාශයක් සිදුවන බවට ෆේස්බුක් මඟින් ව්‍යාජ පුවත් මැවූ සහකාර ඉඩම් කොමසාරිස් අත් අඩංගුවට

පුද්ගලික ඉඩම් හෙළි පෙහෙළි කරන ඡායාරූප යොදාගෙන රටේ ප්‍රධාන වන විනාශයන් සිදුවන බවට සිය මුහුුණු පොතේ අසත්‍ය ප්‍රචාරයන් කළ සහකාර ඉඩම් නිරවුල්කිරීමේ කොමසාරිස්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සයිබර් අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ගෙලිඔයට ගොස් ඊයේ (21) මෙම සහකාර ඉඩම් නිරවුල්කිරීමේ කොමසාරිස්වරයාව අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

මෙම සැකකරු 42 හැවරදි වියේ පසුවන්නෙක් බවත් ඔහුගේ සේවා ස්ථානය කොත්මලේ බවත් අජිත් රෝහන මහතා සදහන් කළේය.

මෙම සැකකරු විසින් භාවිත කළ ඔහුගේ මුහුණුපොතේ පිටුව පරීක්ෂා කිරීමේ දී කැලෑ හෙළි කිරීම, වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් විවිධ ඡායාරූප ‍විශාල ප්‍රමාණයක් තිබී සයිබර් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සොයාගෙන තිබේ.

එම ඡායාරූප පරීක්ෂා කිරීමේදී පුද්ගලික ඉඩම් හෙළි කිරීම් අවස්ථාවල දී ගත් ඡායාරූප බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇතැයිද අජිත් රෝහන මහතා සදහන් කළේය.

එම ඡායාරූප ලංකාවේ ප්‍රසිද්ධ වනාන්තර හෙළි කරන බව සඳහන් කරමින් සැකකරු විසින් සමාජ මාධ්‍යයේ අසත්‍ය ප්‍රචාරය කර ඇතැයිද අජිත් රෝහන මහතා පැවසීය.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here