Home උණුසුම් පුවත් විරෝධය මැද්දේ නුවරඑළිය තැපැල් කාර්‍යාලය ව්‍යාපෘතියකට දීම අනුමතයි

විරෝධය මැද්දේ නුවරඑළිය තැපැල් කාර්‍යාලය ව්‍යාපෘතියකට දීම අනුමතයි

විරෝධය මැද්දේ නුවරඑළිය තැපැල් කාර්‍යාලය ව්‍යාපෘතියකට දීම අනුමතයි

ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එහි ඉදිරි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ඇති.

මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර අදහස් දක්වමින් පැවසුවේ
තැපැල් කාර්යාලය සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.

සංචාරක ආකර්ෂණයක් දිනා ඇති ඓතිහාසික වටිනාකමක් සහිත මෙම තැපැල් කාර්‍යාලය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට පසුගිය දිනවල රටපුරා තැපැල් සේවකයින් මෙන්ම පාර්ශව ගණනාවක් විරෝධය පළ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here