Home දේශීය පුවත් උණුසුම් පුවත් උඩරට කෝච්චි පාර ඇහිරෙයි -පේරාදෙණියේ කඩපෙළක් නායගොස් අයෙක් මරුට(📸)

උඩරට කෝච්චි පාර ඇහිරෙයි -පේරාදෙණියේ කඩපෙළක් නායගොස් අයෙක් මරුට(📸)

උඩරට කෝච්චි පාර ඇහිරෙයි -පේරාදෙණියේ කඩපෙළක් නායගොස් අයෙක් මරුට(📸)

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ නවතා ඇත.

බදුල්ලේ සිට කොළඹ බලා ධාවන වූ උඩරට මැණකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නැවැත්වීමට සැලසුම් කර තිබේ‍.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උඩරට දුම්රිය මාර්ගය යථාතත්වයට පත්කිරීම සඳහා පැය 03ක පමණ කාලයක් ගතවනු ඇති බවය.

මේ අතර කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් වාහන ගමනාගමනය සමිපුර්ණයෙන්ම අවහිර වි ඇති බව පොලිසිය පවසයි.

අධික වර්ෂාවත් සමඟ බලන්ගොඩ සීලගම ප්‍රදේශයේ කිලෝමීටර් 153 වැනි කිලෝමීටර් කණුව අසල මෙම නායයම සිදුව ඇත.

මේ අතර පේරාදෙණිය ශ්‍රී ආනන්ද බෝධිය අසල පිහිටි කඩ පේළිය මතට පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නායයාම හේතුවෙන් නගරයේ වෙළෙඳසැල් 4ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

ඊයේ රාත්‍රී 11ට පමණ මෙම නායයාම සිදුව ඇත.

එම වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු මෙම අනතුරෙන් මිය ගොස් ඇත.

68 හැවිරිදි මෙම පුද්ගලයා පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here