Home special ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමඟ අවසන් සටනට

ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමඟ අවසන් සටනට

0
ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමඟ අවසන් සටනට

ලබන ඉරිදා අහමදාබාද් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන අවසන් මහා තරගයට අවස්ථාව උදාකර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද(16) සමත්විය.

ඒ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයේ දී කඩුලු 3කින් පරාජය කරමිනි.

ඊඩ්න්ගාඩර්න් ක්‍රීඩාංගණයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 212කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

තරගාවලිය දෙස බැලීමේ දී මෙම ලකුණු පුවරුව ඉතා සරල එකක් යැයි හැඟුණද දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය 48වන පන්දුවාරය දක්වාම සීමා කළේය.

තරගයේ වීරයා සම්මානය හිමිකරගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක තැවිෂ් හෙඩ් පන්දු හතලිස් අටකදී ලකුණු 62ක් හා පන්දු යැවීමේ දී ලකුණු 21කට කඩුළු 2ක් දවා ගත්තේය.

ඒ අනුව සත්කාරක ඉන්දියාව සමඟ ලෝක කුසලාන අවසන් මහා තරගයට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුදුසුකම් සපුරා ගත්තේය.

දකුණු අප්‍රිකාව 212
ඕස්ට්‍රේලියාව 215/7 (47.2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here