Home special කෝලි සචින්ගෙ ශතක වාර්තාව බිඳ දමයි

කෝලි සචින්ගෙ ශතක වාර්තාව බිඳ දමයි

0
කෝලි සචින්ගෙ ශතක වාර්තාව බිඳ දමයි

නවසීලන්තයට එරෙහිව මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ මේවනවිට පැවැත්වෙන අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන 2023 අවසන් පූර්ව තරගයේදී ඉන්දීය හිටපු නායක විරාත් කෝලි සිය එක්දින ක්‍රිකට් පිටියේ සිය 50 වැනි ශතකය වාර්තා කළේය.

ඒ අනුව ලොව එක්දින ක්‍රිකට් පිටියේ ශතක 49 ලබා ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් තබා තිබූ වාර්තාව කෝලි අතින් බිඳ දැමිනි.

පන්දු එකසිය දහ තුනක දී ලකුණු 117ක් ලබාගත් කෝලි සිය පනස්වන ශතකය හයේ පහර දෙකක් හා හතරෙ පහර 9කින් අලංකාර විය.

කෝලිගේ වාර්තාගත ඉනිම දැකබලා ගැනීමට සචින් තෙන්ඩුල්කාර් ද පිටියට පැමිණ සිටියේය. ඔහු ද සිය අසුනෙන් නැගිට කෝලි ට සුබ පැතුවේය.

සචින් තෙන්ඩුල්කාර් ට්විටර් පණිවුඩයක් තබමින් කෝලි ට සුබ පතා තිබිණි. ඉන්දීය කණ්ඩායමේ ඇඳුම් කාමරයේ දී පළමුව දුටු තරුණ විරාත් අද වනවිට ක්‍රීඩකයකු ලෙස උපරිම ය ඉටුකරමින් සිටීම සතුටක් බව සචින් එහි සඳහන් කර තිබිණි.

ඉන්දියාව කඩුලු 4කට ලකුණු 397ක් ලබා ගත්තේය. නවසීලන්තය මේ වන්විට පන්දුවට පහර දීම අරඹා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here