Home special ‘ටයිම් අවුට්’ වූ ලොව පළමු ක්‍රීඩකයා මැතිව්ස් (📸)

‘ටයිම් අවුට්’ වූ ලොව පළමු ක්‍රීඩකයා මැතිව්ස් (📸)

0
‘ටයිම් අවුට්’ වූ ලොව පළමු ක්‍රීඩකයා මැතිව්ස් (📸)

කඩුල්ලක් දැවී ගිය පසු මිනිත්තු දෙකක් යනතුරු ක්‍රීඩා පිටියට නොපැමිණියා යැයි වරදට ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට බංග්ලාදේශය අද(06) සමත්විය.

ක්‍රිකට් ඉතිහාසයේ මෙම වරදට දවාගත් ලොව පළමු ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස් බව ක්‍රිකට් විස්තර විචාරකයෝ පවසති.

සධීර සමරවික්‍රම දැවී ගිය පසු පිටියට පැමිණීම ප්‍රමාද වූ බවට බංග්ලාදේශ නායකයා කළ ඉල්ලීමට කන්දුන් විනිසුරුවරයා පිටියට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩාගාරයට නැවත හරවා යැව්වේය.

හෙල්මටයේ පැවති වරදක් නිවරදි කර ගැනීමට මිනිත්තුවක කාලයක් ගතවීම නිසා මෙම දැවී යාම සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here