Home උණුසුම් පුවත් අපේ උගතුන් රට හැර යාම නිසා වන්දි ඉල්ලිය යුතු පාර්ශ්වයක් ගැන ජනපති කියයි

අපේ උගතුන් රට හැර යාම නිසා වන්දි ඉල්ලිය යුතු පාර්ශ්වයක් ගැන ජනපති කියයි

අපේ උගතුන් රට හැර යාම නිසා වන්දි ඉල්ලිය යුතු පාර්ශ්වයක් ගැන ජනපති කියයි

ගෝලීය දකුණ වශයෙන් අපගේ උගත් ශ්‍රම බලකාය උතුරට යාම හේතුවෙන් දකුණේ විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්හි සංවර්ධනයට තවත් තර්ජනයක් ඇතිවී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී ඊයේ (15) ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමිනි.

“ගෝලීය දකුණේ සිට උතුරට සිදුවන බුද්ධි ගලනයෙහි ප්‍රතිඵලයක් ලෙස උගත් ශ්‍රම බලකාය අහිමි වීම දකුණේ විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්හි සංවර්ධනයට තවත් තර්ජනයක් බවට පත්ව තිබෙනවා.

චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් ඔවුන්ගේ ශ්‍රම ශක්තිය පෝෂණය කරමින් විද්‍යා තාක්‍ෂණය සහ නවෝත්පාදනය දියුණු කර තිබෙනවා. ඒ නිසා ගෝලීය දකුණ වශයෙන් අපගේ උගත් ශ්‍රම බලකාය අහිමිවීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතුයි.

ගෝලීය දකුණේ රටවල් වඩා සමීප සහයෝගීතාවයක් පවත්වා ගැනීමට කැපවිය යුතුයි. සහයෝගීතාව වැඩි දියුණු කිරීම, හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම සහ විද්‍යාව, තාක්‍ෂණය හා නවෝත්පාදනයන්ගේ පරිවර්තනීය හැකියාවන් උපයෝගී කර ගන්නා ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම වෙනුවෙන් කොළඹ සැලැස්මට සමාන යෝජනා ක්‍රමයක් ඇති කිරීමට ද මම මෙහිදී යෝජනා කරනවා.

නව හවානා ප්‍රකාශනයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද අවධාරණය කළයුතුයි. “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවේ සාමූහික හඬ ජාත්‍යන්තරයට ගෙන යාමට එක්වන ලෙස ද මම සියලු සාමාජික රටවලින් ඉල්ලා සිටිනවා.

2 COMMENTS

  1. I don’t suck up to any politician but what Ranil did during this short period is truly remarkable .
    I know that he has look after Rajapakses just for his survival.

Leave a Reply to Devapriya Jayasinghe Cancel reply

Please enter your comment!
Please enter your name here