තවත්
    මුල් පිටුවspecialලිබියාවට බලපෑ ගංවතුරෙන් දස දහසක් අතුරුදන්

    ලිබියාවට බලපෑ ගංවතුරෙන් දස දහසක් අතුරුදන්

    ලිබියාවට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් දස දහසක් පමණ අතුරුද් වී ඇති බවටත් තවත් 2300ක පමණ පිරිසක් මියගොස් ඇති බවටද වාර්තාවේ.

    ඉකුත් දා ලිබියාවට හරහා හැමු දරුණු කුණාටුවත් සමඟ හටගත් වැසි හේතුවෙන් එරට වාරි පද්ධතියට දරා ගැනීමට නොහැකි තරම් ජලයක් එක්ව තිබිණි. මෙහිදී එරට වේලි කිහිපයක්ම බිදී ගොස් ඒ අවට වෙසූ ජනතාව විශාල පිරිසකට දැඩි බලපෑම් එල්ලිවිය.

    මෙලෙස වේලි බිදී යාමත් සමඟ ඇතිවූ දරුණු ජල පහර ලිබියානු වැසියන් විශාල පිරිසක් හසුව ඇති අතර සිද්ධිය දුටුවන් එම ජල පහර සුනාමි රලකට සමාන ස්වරූපයක් ගෙන තිබුණු බවද සඳහන් කරයි. එම දරුණු ජලපහරට හසුවූවන් මුහුදට ගසා යන අයුරුද දැක ගැනීමට හැකි වූ බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.

    මෙම තත්ත්වයක් සමඟම විපතට පත් ජනතාවට පිහිට වීමට ඊජිප්ත්තුව ඇතුළු රටවල් රැසකින් ඉදිරිපත්ව ඇති බවටද වාර්තාවේ. කෙසේවෙතත් ලිබියාවේ පවතින දැඩි දේශපාලන අර්බුදය විපතට පත්වූවන් මුදා ගැනිමේ සහ සහන සැලසීමේ කටයුතු මන්දගාමී කිරීමටද සමත්ව ඇති බවට වාර්තාවේ.

    මේ අතර ගංවතුර තත්ත්වය වැඩි වශයෙන්ම බලපෑ ඩෙර්නා නගරයෙන් හතරනේ එකක් පමණ සමුපූර්ණනේම විනාශ වී ඇති බවටද වාර්තාවේ. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සිසුරු රැසක් නගරය පුරා දැක ගැනීමටද හැකි වූ බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to Dexter FerdinandCancel reply

    spot_img
    spot_img