ආසියානු කුසලාන 2023 යටතේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර සුපිරි සිවුදෙනාගේ වටයේ අද(12) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 41ක ජයක් ලබා ගැනිමට ඉන්දියාව සමත්විය
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 213කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. 214ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.3ක දී ලකුණු 172කට සිමා කිරීමට ඉන්දිය පන්දු යවන්නෝ සමත්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දි, ධනංජය සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ පිළිවෙලින් ලකුණු 41ක් හා ලකුණු 42ක් ලබා ගනිමින් සටන්කාමී ඉනිම් ක්‍රියාත්මක කළහ.
එසේ වුවද වෙල්ලාලගේ නොදැවී සිටියදි අනිත් අන්තයේ සියලු පිතිකරුවන් දැවී යාමත් සමඟ තරගයේ ජය ඉන්දියාවට හිමිවිය.
ඉන්දියාව වෙනුවෙන් කුල්දිප් යාදෙව් ලකුණු 43කට කඩුලු 4ක් හා ජස්ප්‍රිට් බූම්රා හා රවින්ද්‍ර ජඩේජා කඩුළු 2බැගින් බිඳ හෙළුහ.