Home special මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය අය 3000ට ආසන්න වෙයි -තුවාලකරුවන් 2000 පනී

මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය අය 3000ට ආසන්න වෙයි -තුවාලකරුවන් 2000 පනී

මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය අය 3000ට ආසන්න වෙයි -තුවාලකරුවන් 2000 පනී

සියවසකට පසුව සිදුවූ ප්‍රබලතම භූමි කම්පාව සහ වසර 60කට වැඩි කාලයක් තුළ මොරොක්කෝවේ සිදුවූ මාරාන්තිකම භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2,862 ක් ඉක්මවා තිබේ.

මේ දක්වා තුවාල ලබා සිටියදී හමුවූ පුද්ගලයන් ගණන 2562කි.

ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය සහ කටාර් යන රටවල ගවේෂණ කණ්ඩායම් මොරොක්කෝ භූ කම්පනයෙන් විපතට පත්වූවන් ගලවාගැනීමේ ප‍්‍රයත්නයන්ට එක්ව සිටී.

රික්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් පසු හානියේ පරිමාණය නොතකා, සුනඛ නිලධාරීන් සමඟ විමර්ශන කණ්ඩායම් තවමත් දිවි ගලවා ගත් අය සොයා ගැනීමට බලාපොරොත්තු වේ.

‘ඉදිරි දින කිහිපය තුළද යම් ගලවාගැනීම් සිදුවනු ඇති බව මට විශ්වාසයි, කඩා වැටුණු ගොඩනැගිලිවල තවමත් මිනිසුන් සිටිය හැකියි. අපි කිසි විටෙකත් බලාපොරොත්තු අත් නොහරින්නෙමු,’ යැයි ස්පාඤ්ඤ ගලවාගැනීමේ කණ්ඩායම් නිලධාරියකු පවසා ඇත.

උතුරු අප්‍රිකානු රටක් වන මොරොක්කෝවේ මෙතරම් මාරාන්තික භූමිකම්පාවක් සිදුව ඇත්තේ 1960 න් පසුව පළමුවරට ය. එවක එම භූ කම්පනයෙනන් අවම වශයෙන් පුද්ගලයින් 12,000 ක් මිය ගිය බවට ඇස්තමේන්තු කර ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව මෙය 1900 සිට එරට තුළ සිදුවූ ප්‍රබලත්වයෙන් වැඩිම භූමිකම්පාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here