Home උණුසුම් පුවත් ලෙන් වෙහෙරක සියවස් ගණනක් පැරණි ඝණ්ඨාරය හොරු අරන්

ලෙන් වෙහෙරක සියවස් ගණනක් පැරණි ඝණ්ඨාරය හොරු අරන්

0
ලෙන් වෙහෙරක සියවස් ගණනක් පැරණි ඝණ්ඨාරය හොරු අරන්

වෑඋඩ හෙට්ටිපොල පිහිටි ලෙන් විහාරස්ථානයක් වන පුරාණ කන්දෙ විහාරස්ථාන භූමියේ තිබුණු වසර 300කට ආසන්න පෞරාණික වටිනාකමක් ඇති ඝණ්ඨාරය සොරු ගලවාගෙන ගොස් තිබේ.

මෙම සොරකම පසුගිය 05 වෙනිදා මැදියම් රාත්‍රී කාලයේ සොරාගෙන ගොස් ඇති බව විහාරාධිපතිහිමියන් මාවතගම පොලීසියට ඊයේ පැමිණිලිකර ඇත.

මෙම ඝණ්ඨාරය කිලෝ 80ක් බරැති එකක. එය සොරාගත් පුද්ගලයාව ඝණ්ඨාරය සමඟ අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

සැකකරු ගලගෙදර උණපතයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අවුරුදු 48ක් වයසැති අයෙක් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here