තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටේම දොස්තරලා 1/4ක් රටින් යන්න සූදානම්

    රටේම දොස්තරලා 1/4ක් රටින් යන්න සූදානම්

    තවත් වෛද්‍යවරුන් 5,000ක පිරිසක් රට හැරයාමේ අවදානමක් පවතින බැවින් එය වැළැක්වීමට රජය කඩිනම් වැඩපිළිවළක් සකස් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර තිබේ.

    විදෙස් රටවල රැකියා කිරීම සඳහා සුදුසුකම් සැපිරූ වෛද්‍යවරුන් මෙලෙස විදෙස්ගත වීමට අපේක්ෂා කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

    පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබූ වෛද්‍යවරුන්ගෙන් 250කට අධික පිරිසක් ද සෞඛ්‍ය සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව හෙතෙම කීය.

    “වෛද්‍යවරුන් 5,000ක් කියන්නේ මේ රටේ වෛද්‍යවරුන්ගෙන් 1/4ක්. මේ ගැටලුවේ බරපතළතාවය ඉදිරියේ දී වැඩිවෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන්න ඕන එහෙම යන්න තීරණය කරලා ඉන්න වෛද්‍යවරුන් පිරිසට මේ හේතුවට මූලික වූ හේතුකාරණා හඳුනාගනිමින් අවශ්‍ය වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීම.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img