Home උණුසුම් පුවත් පුහුණු ගුවන් යානාවක් අනතුරට – දෙදෙනෙක් මරුට

පුහුණු ගුවන් යානාවක් අනතුරට – දෙදෙනෙක් මරුට

0
පුහුණු ගුවන් යානාවක් අනතුරට – දෙදෙනෙක් මරුට

ගුවන් හමුදා චිනවරාය කදවුරු ප්‍රදේශයේදි සිදුවූ පුහුණු ගුවන් යානා අනතුරකින් එම ගුවන් යානයේ සිටි ගුවන් නියමුවා සහ ඉංජිනේරුවරයෙක් මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ අද පෙරවරු 11.27ට බව චීන වරාය පොලීසිය කියයි.

මෙම යානාව අලුත් වැඩියාවකින් පසු පරීක්ෂණ පියාසැරියක් සදහා ගුවන්ගතකරන විට අනතුරට ලක්ව තිබේ.

මියගොස් ඇත්තේ ඉංජිනේරුවරයෙක් සහ ගුවන් නියමුවෙකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් ගුවන් හමුදා චිනවරාය කදවුරු ප්‍රදේශයේ දි මෙසේ අනතුරකට ලක්වි ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් අනතුර පිළිබද විමර්ශනය කිරිම සදහා විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා කීය.

Photo – file photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here