ලෝක කුසලානයට සුුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිය සය දෙනාගේ වටයේ අද(30) පැවැති තරගයෙන් නෙදර්ලන්තය පරදා තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.4ක දී ලකුණු 213කට සීමා කිරීමට නෙදර්ලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
ශ්‍රි ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු එකසිය එකොළහකදී අගනා ලකුණු 93ක් රුස් කළේය. එසේ වුව ද මෙම තරගය මොහොතින් මොහොතට නෙදර්ලන්තය දෙසට දෝලනය විය.
ලකුණු 214ක් ලබා ගැනීමට පිටියට පිවිසි නෙදර්ලන්තයේ මුල් කඩලු දෙක ලකුණු 11ට දවාගත්ත ද, එතැන් පටන් ඔවුන් යම් සැළසුමකට ක්‍රියාත්මක විය. ඒ අනුව තෙවැනි කඩුල්ල අහිමිවනවිට ඔවුන් ලකුණු 88ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. ඒ අවසරයෙන් වෙස්ලි බර්රේසි ලකුණු 52ක්, බැස් ලී ලීඩ් 41ක්, සහ නායක ස්කොට් එඩ්වඩ්ස් නොදැවී ලකුණු 67ක් ලබා ගත්හ.
එසේ වුවද හතළිස්වැනි පන්දුවාරයේ දි නෙදර්ලන්ත ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔවුන් සියලුදොන දවා ගැනිම සංකේතවත් කළේය.
තරගයේ වීරයා සම්මානය -ධනංජය ද සිල්වා 93(111) ට හිමිවිය.