Home උණුසුම් පුවත් රටටම බලපාන හේතුවක් නිසා දුන් සති අන්තේ දිගු නිවාඩුව

රටටම බලපාන හේතුවක් නිසා දුන් සති අන්තේ දිගු නිවාඩුව

රටටම බලපාන හේතුවක් නිසා දුන් සති අන්තේ දිගු නිවාඩුව

ලබන සති අන්තයේ දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කිරීමට හේතුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද අනාවරණය කර තිබේ.

ඒ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අවශ්‍ය කාලය ලබාගැනීමට බව ය.

අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ලබන 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක තැන්පතුවලට හානියක් නොවන බව මහබැංකු අධිපතිවරයා අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here