ලබන සති අන්තයේ දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කිරීමට හේතුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද අනාවරණය කර තිබේ.
ඒ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අවශ්‍ය කාලය ලබාගැනීමට බව ය.
අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ලබන 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක තැන්පතුවලට හානියක් නොවන බව මහබැංකු අධිපතිවරයා අවධාරණය කර ඇත.