තවත්
    මුල් පිටුවspecialබයිඩන්ගේ කොලුවා හිරේ නොයා යන්තම් බේරෙයි

    බයිඩන්ගේ කොලුවා හිරේ නොයා යන්තම් බේරෙයි

    ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් විසින් එරට අධිකරණ දෙපාර්තමෙන්තුව සමඟ ගිවිසුමක් ඇතිකරගනිමින් බරපතල සිර දඬුවම් මඟහරවා ගැනීමට සමත්ව තිබේ.

    ඒ අනුව හන්ටර් බයිඩන් විසින් ඔහුට එල්ල වී තිබෙන ෆෙඩරල් බදු මුදල් මඟහැරීමක් සහ ගිනි අවි චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමට නියමිත බවත් එමගින් මෙම සිර දඬුවම් මඟහරවා ගැනීමට සමත්ව ඇති බවට එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.

    52 හැවිරිදි වියේ පසුවන හන්ටර් බිඩෙන් අඟහරුවාදා ප්‍රසිද්ධියට පත් කරන ලද ගිවිසුමක කොටසකින් අනාවරණය වූ පදරි ඔහුටු එල්ලවී ඇති බදු මුදල් පැහැර හැරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමට නියමිතය. මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු ලෙස නීති විරෝධීව ගිනි අවිහක් සිය සන්තකයේ තබා ගැනීමට සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවලට නඩු පැවරීම් මඟහරවා ගැනීමටද ඔහු සමත්ව ඇත.

    ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට එක්සත් ජනපදයේ ෆෙඩරල් අපරාධ නඩුවක් ගොනු කරන අවස්ථාවේදීම විසදීම තරමක් අසාමන්‍ය සිදුවීමකි.

    වසර කීපයක් තිස්සේ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයන් මේ ආකාරයෙන් අවසන්වන අතර එයට පසුගිය කාලයේදී දැඩි මාධ්‍ය අවධානයක්ද යොමුව තිබිණි. කෙසේවෙතත් මෙම තීරණය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුට සහය දක්වන පාර්ශවයන් විසින් බහිඩන් ජනාධිපතිවරයා එක්සත් ජනපද අධිකරණ පද්ධතියට කරන බලපෑම් සම්බන්ධයෙන් විශාල හඟක් නැගීමට ඉඩ ඇත.

    මේ අතර හන්ටර් බඩයිඩන් සහ බහිඩන් පවුල විසින් අයතා ලෙස මුදල් ඉපයිීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි කතා බහකටද ලක්විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to witanage don gunaratne DonCancel reply

    spot_img
    spot_img